නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය A කණ්ඩායමේ ක්‍රීඩකයින් හා බංග්ලාදේශ A කණ්ඩායමේ පිතිකරු සෞම්‍ය සාකාර් අතර උණුසුම් වචන හුවමාරුවක් අද(21) සිදු වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 211 ක් ලබා ගත්තා.
බංග්ලාදේශය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී 5 වැනි කඩුල්ල ලෙස සෞම්‍ය සාකාර් ලකුණු 5කට දවා ගැනීමට Yuvrajsinh Dodiya සමත් වුණා.
අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් කඩුලු සැමරීම සිදු කරන අතරවාරයේ දී යි සාකාර් හා ඉන්දීය ක්‍රීඩකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණේ.
එහි දර්ශන පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) July 21, 2023

