සහන්ගේ හා අවිශ්කගේ සුපිරි ඉනිම් අපතේ යයි ; පාකිස්තාන A අවසන් තරගයට

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 60 කින් පරාජයට පත් කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන A කණ්ඩායම අද(21) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 323 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 262 ක් පමණයි.

අවිශ්ක ප්‍රනාන්දු සමගින් ඉනිම ආරම්භ කළ ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු නොලබාත්, මිනෝද් භානුක එක් ලකුණකටත් දැවී ගියා. පසිදු සූරියබණ්ඩාර ලබා ගත්තේ ලකුණු 10 ක් පමණයි.

කෙසේ වෙතත්, අවිශ්ක පන්දු 85 කින් ලකුණු 97 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්.

මැදපෙල ශක්තිමත් කළ සහන් ආරච්චිගේ රැස් කළ ලකුණු සංඛ්‍යාව ද 97 ක්. පන්දු 109 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 12 ක් ඇතුළත් වුණා. ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස සහන් දැවී යාමත් සමග තරගය ජය ගැනීම පිළිබද සියලු බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

අශේන් බණ්ඩාර ලකුණු 17 කටත්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 14කටත්, චාමික කරුණාරත්න ලකුණු 10 කටත්, දුෂාන් හේමන්ත ලකුණු නොලබාත් දැවී ගියා. ලහිරු සමරකෝන් ලකුණු 5යි.

පන්දු යැවීමේ දී Arshad Iqbal සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 37 කට කඩුලු 5 ක් දවා ගත්තා. Mubasir Khan හා Sufiyan Muqeem කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 322 ක් රැස් කළේ සියලු දෙනා දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරුවන් වූ Saim Ayub ලකුණු 22කටත්, Sahibzada Farhan ලකුණු 12 කටත් දැවී ගියා.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අංක 3 පිතිකරු Omair Yousuf ලකුණු 88 ක් රැස් කළේ පන්දු 79 කින්. හයේ පහරක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක Mohammad Haris පන්දු 43 කින් ලකුණු 52 ක් ලබා ගත්තා. Mubasir Khan ලකුණු 42 (45) යි.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන්, ප්‍රමෝද් මදුෂාන් හා චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිද හෙලුවා. සහන් ආරච්චිගේ හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...