අවසන් තරගයට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකා A කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකා A කණ්ඩායමට පාකිස්තාන A කණ්ඩායමෙන් ලකුණු 323 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 322 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ Saim Ayub ලකුණු 22කටත්, Sahibzada Farhan ලකුණු 12 කටත් දැවී ගියා.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අංක 3 පිතිකරු Omair Yousuf ලකුණු 88 ක් රැස් කළේ පන්දු 79 කින්. හයේ පහරක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක Mohammad Haris පන්දු 43 කින් ලකුණු 52 ක් ලබා ගත්තා. Mubasir Khan ලකුණු 42 (45) යි.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන්, ප්‍රමෝද් මදුෂාන් හා චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිද හෙලුවා. සහන් ආරච්චිගේ හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...