කඩුලු 4න් පසු කෝලි හා ජඩේජා ඉන්දියාව යළි සටනට අවතීර්ණ කරයි

Date:

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දින 3ක් තුළ ලැබූ අමිහිරි පරාජයෙන් පසුව දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී කඩුලු 4 ක් දවා ගනිමින් ඉන්දියාවට යම් තර්ජනයක් එල්ල කරමින් දෙරට අතර ඉතිහාසයේ පැවැත්වෙන 100 වැනි ටෙස්ට් තරගයට යම් ධනාත්මක ආරම්භයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

නමුත් ට්‍රිනිඩෑඩ්හි Port of Spain හීදී පැවැත්වෙන තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද (21) අලුයම නිමා වුණේ රෝහිත් ෂර්මා හා යශස්වි ජයිස්වාල් පළමු කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 139 ක සම්බන්ධතාවය සහ විරාත් කෝලි හා රවීන්ද්‍ර ජඩේජා 5 වැනි කඩුල්ලට ගොඩ නගා ඇති ලකුණු 106 ක නොබිදුණු සම්බන්ධතාවය හමුවේ දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට හිමි කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය බිද දමමින් ජයිස්වාල් ලකුණු 57 කට දැවී ගියා. යළි අසාර්ථක වූ ෂුබ්මන් ගිල් ලකුණු 10 කට දැවී ගිය අතර, රෝහිත් ෂර්මා ලකුණු 80 ක් රැස් කළා. අජින්කෙයා රහානේ ලබා ගත්තේ ලකුණු 8 ක් පමණයි.

තරගය ආරම්භ වූ මොහොතේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී හා තේ පානයේ සිට තරගය පළමු දිනයට අත්හිටුවන අවස්ථාව දක්වා වූ කාලයේ දී කිසිදු කඩුල්ලක් බිද වැටුණේ නැහැ.

තම 500 වැනි ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන කෝලි නොදැවී ලකුණු 87 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ජඩේජා නොදැවී ලකුණු 36 යි.

පන්දු යැවීමේ දී කෙමා රෝච්, ෂෙනොන් ගේබ්‍රියල්, ජොමෙල් වොරිකන් හා ජේසන් හෝල්ඩර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...