ඉමාම්-ශකීල්ගේ දක්ෂතා පාකිස්තානයට කඩුලු 4ක ජයක් හිමි කර දෙයි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(20) සමත් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස බාබර් අසාම් ලකුණු 24 කට අද පෙරවරුවේ දැවී ගියා. ඒ, ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්. සවුද් ශකීල් ලකුණු 30 ක් ලබා සිටියදී දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේයි. අනතුරුව සර්ෆරාස් අහ්මඩ් එක් ලකුණක් ලබා සිටියදී දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

පාකිස්තාන දෙවැනි ඉනිම ආරම්භ කළ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 8කට හා අංක 3 පිතිකරු වූ ශාන් මසූඩ් ලකුණු 7කට දවා ගැනීමට ද සමත් වුණේ  ප්‍රභාත් ජයසූරියයි. නෝමන් අලී ලකුණු නොලබා සිටියදී දුවද්දී දැවී ගියා.

ඉමාම් උල් හක් නොදැවී ලකුණු 50 ක් ලබා ගත් අතර, ආගා සල්මාන් තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් පාකිස්තානයට පළමු ටෙස්ට් තරගයේ ජය තහවුරු කර දුන්නා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණේ පසුවන්නේ පාකිස්තානයයි.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 56 ක් ලබා දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 122 ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 යි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, නසීම් ශාහ් හා අබ්‍රාර් අහ්මඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ලෙස පාකිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 461 ක්. ඒ, ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමකයි. සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබා ගත් අතර, තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඔහුයි. පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 136 ක් ලබා දෙමින්.

පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 279 ක්. යළිත් සුපිරි සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 82 ක් රැස් කළේ පන්දු 118 කින්. නිශාන් මදුෂංක ලකුණු 52කට දැවී ගියා. පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් හා නෝමල් අලී කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...