මැන්චෙස්ටර් හී දී අද(19) ආරම්භ වූ එංගලන්ත – ඔස්ට්‍රේලියා සිව්වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටව් සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලෙස මිචෙල් මාෂ් දවා ගැනීම සදහායි ඔහු මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තේ.
ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ මාෂ් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 51 ක්.
එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –
STOP THAT JONNY BAIRSTOW! 🤯 #EnglandCricket | #Ashes pic.twitter.com/aZ7wKcncRW
— England Cricket (@englandcricket) July 19, 2023

