2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය අද(19) එළි දැක්වුණා.
ඒ, තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කිරීමේ අවස්ථාවට සමගාමීවයි.
පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවැති උත්සවයකදී යි තරග කාලසටහන නිල වශයෙන් නිවේදනය කිරීම හා ශූරතා කුසලානය එළිදැක්වීම අද රාත්‍රියේ සිදු කෙරුණේ.
මෙවර පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හී දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.
තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු 31 වැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
The glittering ACC Men's #AsiaCup2023 trophy is unveiled in Lahore 🏆✨
Watch full event ➡️ https://t.co/XEamsntFHn pic.twitter.com/NryTm4U7sf
— Pakistan Cricket (@TheRealPCB) July 19, 2023

