ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (19) දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් උඩ පන්දුවක් රැක ගැනීමට සධීර සමරවික්‍රම සමත් වුණා.
අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 48 ක්.
ඒ අනුව තරගය ජය ගැනීමට ඔවුන් තවත් ලකුණු 83 ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් තවත් කඩුලු 7 ක් දවා ගත යුතුයි.
පාකිස්තාන ඉනිම ආරම්භ කළ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 8කට හා අංක 3 පිතිකරු වූ ශාන් මසූඩ් ලකුණු 7කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. නෝමන් අලී ලකුණු නොලබා සිටියදී දුවද්දී දැවී ගියා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඉමාම් උල් හක් ලකුණු 25 ක් හා බාබර් අසාම් ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පළමු කඩුල්ල ලෙස අබ්දුල්ලාහ් ශෆික් දවා ගැනීම සදහායි සධීර විසින් බොහෝ දෙනෙකු සිනහවට ලක් කරමින් උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ.
එහි දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) July 19, 2023

