ඔස්ට්‍රේලියාවට ඓතිහාසික පරාජයක් ; අළුබදුන 8-8 ක් ලෙස සමව අවසන් වෙයි

Date:

සංචාරක ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමඟ පැවැති අළුබදුන එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් එංගලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 69 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ද්විපාර්ශ්වික එක්දින තරගාවලියකින් පරාජයට පත් වූයේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්.

තරඟ රටා ත්‍රිත්වයෙන්ම යුත් මෙවර අළුබදුන තරගමාලාව ප්‍රසාද ලකුණු 8-8 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වූ බැවින් අළුබදුන ශුරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

Taunton හි පැවැති තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 285 ක් ලබා ගත්තා.

පිට පිට දෙවැනි ශතකය ද වාර්තා කළ Nat Sciver-Brunt ලකුණු 129 ක් රැස් කළේ පන්දු 149 කින්. හයේ පහරක් හා හතරේ පහර 15 ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී Ashleigh Gardner හා Jess Jonassen කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඔස්ට්‍රේලියානු පිළිතුරු ඉනිමට වාර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ඔවුන්ට පන්දුවාර 44 කදී තරගය ජය ගැනීමට ලද ඉලක්කය ලකුණු 269 ක්.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 35.3 ක් අවසානයේ ලකුණු 199 කට දැවී ගියා.

Ellyse Perry ලකුණු 53 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Kate Cross ලකුණු 48 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...