නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(17) පැවැති තරගාවලියේ 8 වැනි තරගයෙන් නේපාලය පරදා කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායම සමත් වුණා.
තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වුණේ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 39.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 167 ක් පමණයි.
නායක Rohit Paudel ලකුණු 65 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Nishant Sindhu කඩුලු 4 ක් හා Rajvardhan Hangargekar කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 22.1 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Sai Sudharsan නොදැවී ලකුණු 58(52) ක් හා Abhishek Sharma ලකුණු 87(69) ක් රැස් කළා. Dhruv Jurel නොදැවී ලකුණු 21(12) යි.

