බංග්ලාදේශයට තරග 2-0 ක තරගාවලි ජයක්

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වීමත් සමගයි.

සිල්හෙට්හි පැවැති තරගය අතරතුර දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 17 කට සීමා කෙරුණා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්තානය එම පන්දුවාර 17 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 116 ක් ලබා ගනිමින්.

අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 25 ක් ද, ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 22 ක් ද, කරීම් ජනට් ලකුණු 20 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මුස්ටර්ෆිසුර් රහ්මාන් හා ශකිබ් අල් හසාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීමට ලකුණු  119 ක ඉලක්කයක් හිමි වූ අතර, ඉනිම නිමා වීමට පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට බංග්ලාදේශය සමත් වුණේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

ලිටොන් දාස් ලකුණු 35 ක්, අෆිෆ් හුසේන් ලකුණු 24 ක් හා ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 18 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී මුජීබ් උර් රහ්මාන් හා අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...