මාලිංගගේ වාර්තාව සම කළ තායිලන්තයේ 19 හැවිරිදි ක්‍රීඩිකාව

Date:

තායිලන්තයේ Thipatcha Putthawong පිට පිට පන්දු 4කදී කඩුලු 4 ක් දවා ගනිමින් ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට් තරගයකදී එවැනි දක්ෂතාවයක් දැක් වූ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ 7 වැන්නා බවට (ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව) පත්ව තිබෙනවා.

නෙදර්ලන්තයේ පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි 20යි 20 තරගයේ දී නෙදර්ලන්තයට එරෙහිවයි ඇය මෙලෙස පිට පිට පන්දු 4කදී කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණේ.

මෙම තරගාවලිය සදහා එක්ව සිටි අනෙක් කණ්ඩායම වූයේ ස්කොට්ලන්තයයි.

Utrecht හි පැවැති අදාළ තරගයේ දී ඇය ලකුණු 8කට කඩුලු 5 ක් දවා ගත්තා. නෙදර්ලන්ත ඉනිමේ 18 වැනි පන්දුවාරයේ දී යි 19 හැවිරිදි Putthawong පිට පිට කඩුලු 4ක් බිද හෙලුවේ.

නෙදර්ලන්තයේ Phebe Molkenboer, Mikkie Zwilling, Hannah Landheer හා Caroline de Lange යන ක්‍රීඩිකාවන් ඇයගේ පන්දු හමුවේ දැවී ගියා. පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔවුන් සියලු දෙනා දැවී යාම ද විශේෂත්වයක්.

ඇයට අමතරව මෙම දක්ෂතාවය මීට පෙර දක්වා තිබූ ක්‍රීඩිකාවන් වූයේ ජර්මනියේ Anuradha Doddaballapur හා බොට්ස්වානාහි Shameela Mosweu.

එමෙන්ම මීට පෙර ජාත්‍යන්තර 20යි 20 පිටියේ දී පිට පිට පන්දු 4කදී කඩුලු 4 ක් දවා ගෙන තිබූ ක්‍රීඩකයින් වූයේ රෂීඩ් ඛාන්, ලසිත් මාලිංග, කර්ටිස් කැම්පර් හා ජේසන් හෝල්ඩර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...