අවසන් මොහොතේ බිද හෙලූ ජනට්ගේ කඩුලු ත්‍රිත්වය පසෙකළා බංග්ලාදේශයට තියුණු ජයක්

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(14) සමත් වුණා.

සිල්හෙට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 154 ක් රැස් කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Towhid Hridoy පන්දු 32 කින් ලකුණු 47 ක් නොදැවී රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 3 ක් සමගින්. Shamim Hossain ලකුණු 33 යි.

තරගයේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට බංග්ලාදේශයට කඩුලු 5 ක් අතැතිව ලබා ගත යුතුව තිබුණේ ලකුණු 6 ක් පමණයි.

කෙසේ වෙතත්, එම පන්දුවාරයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් (hat-trick) බංග්ලාදේශයට නොසිතූ අභියෝගයක් එල්ල කිරීමට Karim Janat සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ Mehidy Hasan Miraz, Taskin Ahmed හා Nasum Ahmed. අවසන් පන්දුවාරයේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි පන්දුවලදී ඔහු කඩුලු ත්‍රිත්වය දවා ගත්තා. කෙසේ වෙතත්, 5 වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් Shoriful Islam බංග්ලාදේශයට ජය තහවුරු කර දුන්නා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් Mohammad Nabi පන්දු 40 කින් නොදැවී ලකුණු 54 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Shakib Al Hasan ලකුණු 27 කට කඩුලු 2ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස බංග්ලාදේශය මේ වන විට පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...