අයි.සී.සීයෙන් ටෙස්ට් ක්‍රීඩකයින්ට සහනයක්

Date:

ටෙස්ට් ක්‍රිකට් තරගවලදී පන්දුවාර යවා නිමා කිරීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගන්නා කණ්ඩායම්වලට ලබාදෙන දඩුවම්හි සංශෝදනයක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

අයි.සී.සී ප්‍රධාන විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැති රැස්වීමෙන් අනතුරුවයි.

සිදු කර ඇති සංශෝදනයට අනුව අදාළ වරද සිදු කරන අවස්ථාවකදී වරදේ ස්වභාවය අනුව ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 100% ක දඩ මුදලක් මින් ඉදිරියට පැනවෙන්නේ නැහැ.

Also Read : ලෝක ශූරයින්ට පිරිනමන ත්‍යාග මුදල් ගැන අයි.සී.සීයෙන් විශේෂ තීරණයක්

ඒ අනුව කණ්ඩායමක් පිටුපසින් සිටින එක් පන්දුවාරයකට මින් ඉදිරියට ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 5% ක දඩ මුදලක් පැනවෙනවා.

එලෙස පැනවිය හැකි උපරිම දඩ මුදල වන්නේ මින් ඉදිරියට 50%ක් පමණයි.

කණ්ඩායමක සියලු දෙනා නව පන්දුව ලබා ගැනීමට පෙර එනම් පන්දුවාර 80 කට පෙර දැවී ගියහොත් පන්දු යවන කණ්ඩායමට එරෙහිව පන්දුවාර සංඛ්‍යාව නියමිත කාලය තුළ යවා නැතත් දඩුවම් පැනවීමක් මින් ඉදිරියට සිදු වන්නේ නැහැ.

මෙතෙක් පැවැති නීතිය අනුව එය පන්දුවාර 60 ක් ලෙසයි සදහන්ව තිබුණේ.

ජූනි 16 වැනිදා ආරම්භ වූ අළුබදුන තරගාවලියේ සිට ක්‍රියාත්මක වත්මන් ලෝක ටෙස්ට් ශුරතාවලියේ සිට මෙම නව නීති ක්‍රියාත්මක වනවා.

එමෙන්ම පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ප්‍රසාද ලකුණු කපා හැරීමේ නීතිය තවදුරටත් පවත්වා ගෙන යාමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී පන්දුවාර යවා නිමා කිරීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් ඉන්දියාවට තරග ගාස්තුවෙන් 100% ක දඩ මුදලක් ද ඔස්ට්‍රේලියාවට 80% ක දඩ මුදලක් ද පැනවුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...