බංග්ලාදේශය පූර්ණ තරගාවලි පරාජයකින් ගැළවෙයි

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද(13) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 102 ක් පමණයි.

Harmanpreet Kaur ලකුණු 40 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Rabeya Khan කඩුලු 3 ක් බිද හෙලූ අතර, Sultana Khatun කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Shamima Sultana ලකුණු 42 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Minnu Mani හා Devika Vaidya කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...