නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (ACC Emerging Teams Asia Cup) පළමු තරගයෙන් බංග්ලාදේශ A කණ්ඩායම පරදා ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(13) සමත් වුණා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 349 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 301 ක් පමණයි.

සයිෆ් හසාන් ලකුණු 53(46) ක් ද, ටන්සිඩ් හසාන් ලකුණු 51(39)ක් ද, සෞම්‍ය සාකාර් ලකුණු 42(47)ක් ද, රකිබුල් හසාන් ලකුණු 40(36)ක් ද, ශාක් මහෙදි ලකුණු 31(30) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ප්‍රමෝද් මදුෂාන් ලකුණු 50 කට කඩුලු 3 ක් දවා ගත්තා. සහන් ආරච්චිගේ කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 62 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A ඉනිම ඇරඹූ ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 31 කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු සමග පිටියේ එක් වූ මිනෝද් භානුක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවශ්‍ය පදනම සකස් කළා.

අවිශ්ක සුපිරි ශතකයක් වාර්තා කරමින් ලකුණු 133 ක් රැස් කළේ පන්දු 124 කින්. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 13 ක් සමගින්.

මිනෝද් භානුක ලකුණු 57 ක් ලබා ගත්තා. සහන් ආරච්චිගේ ලකුණු දෙකකට දැවී ගිය අතර, පසිදු සූරියබණ්ඩාර පන්දු 32 කින් ලකුණු 43 ක් රැස් කළා.

අශේන් බණ්ඩාර පන්දු 25 කින් ලකුණු 35 ක් ද, නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 19 කින් ලකුණු 31 ක් ද රැස් කළා. චාමික කරුණාරත්න ලකුණු 8යි.

පන්දු යැවීමේ දී රිපොන් මොන්ඩල් හා සෞම්‍ය සාකාර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...