චමරිගේ සුපිරි ප්‍රහාරය හමුවේ නවසීලන්තයට දරුණු පරාජයක්

Date:

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(12) සමත් වුණා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 140 ක් ලබා ගත්තා.

Sophie Devine ලකුණු 46(25) ක් හා Suzie Bates ලකුණු 37 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 15 කට කඩුලු 3ක් දවා ගත් අතර, සුගන්දිකා කුමාරි ලකුණු 23 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14.3 ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

චමරි අතපත්තු පන්දු 47 කින් නොදැවී ලකුණු 80 ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 13 ක් සමගින්.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 49 (40)යි. ඇයගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.

තරගයේ වීරවරිය ලෙස චමරි අතපත්තු ද, තරගාවලියේ වීරවරිය ලෙස Suzie Bates ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...