එක්දින තරග කප්පාදුවක් සිදු කරන්නැයි MCCයෙන් යෝජනා

Date:

ද්වි පාර්ශ්වික එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි අවම කරන ලෙසට මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) ලෝක ක්‍රිකට් කමිටුව විසින් යෝජනා කර තිබෙනවා.

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති ටෙස්ට් තරගය අතරතුර දී MCC ලෝක ක්‍රිකට් කමිටුව ලෝඩ්ස් හී දී දින දෙකක රැස්වීමක් පවත්වා තිබුණා.

එහිදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්ට පරිභාහිරව එක්දින ජාත්‍යන්තර තරගවල පැවැත්ම සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමුව තිබූ බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව 2027 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව එක්දින තරග පැවැත්වීම අවම කිරීමට සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් ලෝක ක්‍රිකට් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

එක්දින ක්‍රිකට් තරගවල හිඟකම එහි ගුණාත්මක බව වැඩි කිරීමට හේතු වනු ඇති බව කමිටුවේ අදහසයි. ඒ තුළින් ක්‍රිකට් දින දර්ශනයන්හි මේ වන විට අවශ්‍යව ඇති ඉඩකඩ ද සකසා ගත හැකි බව කමිටුව පෙන්වා දෙනවා.

ඒ අනුව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්ට පෙර ඇති මාස 12 ක කාලය හැරුණු විට සෙසු කාලයේ දී එක්දින ද්විපාර්ශ්වික තරගාවලි නොපැවැත්වීමටයි මෙම කමිටුව නිර්දේශ කර ඇත්තේ.

Mike Gatting ගේ සභාපතිත්වයෙන් යුත් MCC ලෝක ක්‍රිකට් කමිටුවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර හා විනිසුරු කුමාර් ධර්මසේන ද ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...