ඉන්දියාව හමුවේ බංග්ලාදේශයට තියුණු පරාජයක්

Date:

බංග්ලාදේශය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අද(11) සමත් වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 95 ක් පමණයි.

Shafali Verma ලකුණු 19 ක් හා Amanjot Kaur ලකුණු 14 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Sultana Khatun ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Fahima Khatun ලකුණු 16 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.

Nigar Sultana ලකුණු 38 ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකාරිණියක් ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී Deepti Sharma හා Shafali Verma කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ද ඉන්දියාව සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...