ශොරිෆුල්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට සැනසුම්දායක ජයක්

Date:

ශොරිෆුල් ඉස්ලාම්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ගෞරවාන්විතව තරගාවලිය අවසන් කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(11) සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 45.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 56 ක් රැස් කළ අතර, හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 22 යි.

ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගත්තා. ටස්කින් අහ්මඩ් හා ටයිජුල් ඉස්ලාම් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 23.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලිටොන් දාස් නොදැවී ලකුණු 53 ක් ලබා ගත් අතර, ශකිබ් අල් හසාන් ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 26 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඇෆ්ඝනිස්තානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...