Watch : මැද ඉන්න ගැලවූ මදුෂංකගේ සුපිරි පන්දුව

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් නෙර්ලන්තයේ Wesley Barresi ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක සමත් වුණා.

මෙම තරගය ජය ගනිමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සදහා නෙදර්ලන්තයට හිමිව ඇති ඉලක්කය ලකුණු 234ක්.

ඒ, කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 47.5 ක් අවසානයේ ලකුණු 233කට දැවී යාමත් සමගයි.

සිය මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ සහන් ආරච්චිගේ ලකුණු 57 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 43 යි. චරිත් අසලංක දුවද්දී දැවී ගියේ ලකුණු 36 ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී Logan van Beek, Ryan Klein, Vikramjit Singh හා Saqib Zulfiqar කඩුලු 2 බැගින් බිද හෙලුවා

නෙදර්ලන්ත පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ල දවා ගැනීම සදහායි මදුෂංක විසින් සුපිරි පන්දුවක් යොමු කළේ.

එහිදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අනතුරුව මැද ඉන්න ගැලවී විසී වී ගියේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු නෙදර්ලන්තයෙන් කෙමෙන් කෙමෙන් දුරස් කරමින්.

එම කඩුල්ලේ දර්ශන පහතින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...