අළුබදුන 20යි 20 තරගාවලියේ ජය එංගලන්තයට

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන කාන්තා අළුබදුන තරග මාලාව යටතේ පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් එංගලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 155 ක් ලබා ගත්තා.

Ellyse Perry ලකුණු 34 ක්‍ රැස් කළ අතර, Ashleigh Gardner හා Beth Mooney ලකුණු 32 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Nat Sciver-Brunt ලකුණු 31 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

වර්ෂාවෙන් තරගයට සිදු වූ බලපෑම හේතුවෙන් එංගලන්තයට තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 14 ක් තුළ ලකුණු 119 ක ඉලක්කයක් හිමි වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 13.2 ක් තුළ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

Alice Capsey පන්දු 23 කින් ලකුණු 46 ක් ද, Danni Wyatt පන්දු 15 කින් ලකුණු 26 ක් ද, Nat Sciver-Brunt පන්දු 25 කින් ලකුණු 25 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Megan Schutt ලකුණු 35 කට කඩුලු 2ක් බිද හෙලුවා.

කෙසේ වෙතත්, තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් කාන්තා අළුබදුන තරග මාලාව මේ වන විට ප්‍රසාද ලකුණු 6-4 ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...