ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත නාම නිවේදනය කෙරේ

Date:

ජූනි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(5) නිවේදනය කළා.

ශ්‍රී ලංකා, සිම්බාබ්වේ හා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙකු එලෙස නිර්දේශිත නාම අතරට ඇතුළත් කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව මේ දිනවල සිම්බාබ්වේ හී දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දක්ෂතා දැක් වූ සිම්බාබ්වේ පිතිකරු ‍ශෝන් විලියම්ස් හා ශ්‍රී ලංකාවේ වනිදු හසරංග මෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ දී හා අළුබදුන තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ට්‍රැවිස් හෙඩ් නිර්දේශිත නාම අතරට ඇතුළත්.

වනිදු හසරංග මේ වන විට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී කඩුලු 20ක් දවා ගෙන ඇති අතර, තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන්නේ ද ඔහුයි.

හසරංග මෙම තරගාවලියේ පළමු තරගයේ දී කඩුලු 6ක් ද, දෙවැනි තරගයේ දී හා තෙවැනි තරගයේ දී කඩුලු 5 බැගින් ද දවා ගැනීමට සමත් වුණේ නව වාර්තාවක් පිහිටුවමින්. එලෙස අඛණ්ඩව එක්දින තරග 3කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් ලොව පළමු දග පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

එමෙන්ම එම දක්ෂතාවය දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි. මීට පෙර පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් 1990 වසරේ දී අඛණ්ඩව එක්දින තරග 3කදී කඩුලු 5 බැගින් බිද හෙලා තිබුණා.

මේ අතර, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ පිතිකරු ‍ශෝන් විලියම්ස් ශතක 3ක් වාර්තා කරමින් දැක් වූ දක්ෂතා හේතුවෙනුයි ඔහුව මෙම සම්මානයට නිර්දේශ කර ඇත්තේ.

එමෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව ශතකයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශූරතාවය දිනා ගැනීම සදහා සුවිශේෂි දායකත්වයක් දැක්වීම හේතුවෙන් ට්‍රැවිස් හෙඩ් ද මෙම සම්මානයට නිර්දේශ කර තිබෙනවා.

අළුබදුන තරගාවලියේ පළමු තරගයේ දී ද විශිෂ්ඨ අර්ධ ශතකයක් වාර්තා කිරීමට මෙම වමත් පිතිකරුවා සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...