චමරි අතපත්තු ලෝකෙන්ම එක වෙයි

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව ඊයේ(3) නිමා වූ එක්දින තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් ඇය දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි චමරි මෙලෙස පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව ඇත්තේ.

ඒ අනුව මෙතෙක් එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවේ Beth Mooney ට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. ඇයට ශ්‍රේණිගත ලකුණු 754 ක් හිමියි.

චමරි අතපත්තු මේ වන විට හිමි කර ගෙන සිටින ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 758 ක්.

චමරි අතපත්තු නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ දී නොදැවී ලකුණු 108 ක් වාර්තා කළ අතර, දෙවැනි තරගයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගියා.

කෙසේවෙතත්, තෙවැනි තරගයේ දී පන්දු 80 කින් ඇය නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 140ක්.

ඒ අනුව මෙම තරගාවලියේ දී චමරි ලකුණු 248 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත් අතර, එය නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහනයයි.

එක්දින කාන්තා ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත් වූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙසයි චමරි ඉතිහාසයට එක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...