වෝනර් හා කවාජා සමග ගැටුණු තිදෙනාට තහනමක් (දර්ශන සහිතයි)

Date:

එංගලන්තයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් එහි සාමාජිකයින් තිදෙනෙකුට ලෝඩ්ස් ක්‍රීඩාංගනයට පැමිණීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

ඒ, දෙවැනි අළුබදුන ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සමග ඇති කර ගත් ගැටුම්කාරී සිද්ධිය හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දිවා ආහාරය සදහා ක්‍රීඩාගාරය වෙත පැමිණීමේ දී උස්මාන් කවාජා හා ඩේවිඩ් වෝනර් සමග ප්‍රේක්ෂකයින් කිහිපදෙනෙකු උණුසුම් වචන හුවමාරුවක නිරත වන අයුරු දැක ගත හැකි වුණා.(දර්ශන පහතින් නරඹන්න)

ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරී විසින් එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව් ආන්දෝලනාත්මක අයුරින් ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමෙන් පසුවයි මෙම සිද්ධිය දැක ගත හැකි වුණේ.

මෙම ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් නීති භාරකරු ලෙස සැලකෙන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් සමාව ද ඉල්ලා සිටියා.

ඉන් අනතුරුවයි සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ භාරකරු වන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් තාවකාලික තහනමක් පැනවීමට කටයුතු කළේ.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 43 ක ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...