Watch : පන්දුව අජීවී වූවා යැයි සිතූ බෙයාර්ස්ටව් ආන්දෝලනාත්මක දැවී යාමකට හසු වෙයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන අද(2) දිනයේ දී ආන්දෝලනාත්මක දැවී යාමක් සිදු වුණා.

ඒ, සිව්වැනි දිනය අවසානයේ දී මිචෙල් ස්ටක් රැක ගත් උඩ පන්දුවක් ද දැඩි ආන්දෝලනයකට ලක් වූ පසුබිමකයි.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 371 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 114 ක්.

දිනයේ පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට් ලකුණු 83 කට දැවී ගියා. අනතුරුව ජොනී බෙයාර්ස්ටව් ලකුණු 10 ක් ලබා සිටියදී දැවී ගියේ ස්ටම්ප් කිරීමකට හසු වීමෙන්.

කැමරන් ග්‍රීන් යොමු කළ කෙටි පන්දුවක් නිදැල්ලේ යැවීමට බෙයාර්ස්ටව් කටයුතු කළ අතර, අනතුරුව පන්දුව අජීවී වූ බව සිතූ ඔහු පියවර කිහිපයක් ඉදිරියට පැමිණියා.

එම අවස්ථාවේ දී කඩුල්ල පිටුපස සිටි ඇලෙක්ස් කෙරී පන්දුව කඩුල්ල වෙත විසි කරනු ලැබුවා.

අනතුරුව පන්දු රකින්නන් විසින් එය දැවී යාමක් ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කළ අතර, තෙවන විනිසුරු විසින් ජොනී බෙයාර්ස්ටව් දැවී ගිය අයෙකු ලෙසයි නම් කරනු ලැබුවේ.

එම දැවී යාමේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...