Watch : තීක්ෂණගේ සුපිරි පන්දුවකට විලියම්ස් ගොදුරු වූ හැටි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 24 වැනි තරගය හෙවත් සුපිරි හය වටයේ සිව්වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් සිම්බාබ්වේ පිතිකරු ශෝන් විලියම්ස්ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(2) සමත් වුණා.

තරගය බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 30 ක් තුළ බිද වැටුණා. කෙසේ වෙතත් අනතුරුව සිකන්ඩ රාසා හා ශෝන් විලියම්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 68 (81) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා. රාසා ලකුණු 31 කට දැවී ගියේ දසුන් ශානකගේ පන්දුවක් හමුවේයි.

ශෝන් විලියම්ස් පන්දු 57 කින් ලකුණු 56 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් බවට පත්ව සිටි අවස්ථාවක තීක්ෂණ විසින් ඔහුව දවා ගනු ලැබුවා.

තීක්ෂණ යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි විලියම්ස් දැවී ගියේ. (දර්ශන පහතින්)

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ආබාධයකට ලක් වූ ලහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන තිබුණේ.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ද එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව ටෙන්ඩයි චටාරා වෙනුවට බ්‍රැඩ් එවන්ස් කණ්ඩායමට කැදවා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...