2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 24 වැනි තරගය හෙවත් සුපිරි හය වටයේ සිව්වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ආබාධයකට ලක් වූ ලහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
Also Read : ලහිරු කුමාර සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ද එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ටෙන්ඩයි චටාරා වෙනුවට බ්‍රැඩ් එවන්ස් කණ්ඩායමට කැදවීමටයි තීරණය කර ඇත්තේ.
කණ්ඩායම් දෙක –
Zimbabwe XI:
Joylord Gumbie(w), Craig Ervine(c), Sean Williams, Wessly Madhevere, Sikandar Raza, Ryan Burl, Luke Jongwe, Wellington Masakadza, Brad Evans, Richard Ngarava, Blessing Muzarabani
Sri Lanka XI:
Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Wanindu Hasaranga, Maheesh Theekshana, Dilshan Madushanka, Matheesha Pathirana

