වරද පිළිගත් හසරංගට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

අයි.සී.සී ක්‍රීඩක විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට එරෙහිව දඩුවම් පැනවීමක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ පසුගිය සිකුරාදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ දී ඔහු පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.

එම තරගයේ දී දැවී යාමෙන් අනතුරුව යළි ක්‍රීඩාගාරය වෙත යමින් සිටියදී වනිදු හසරංග ආවේගශීලීව හතරේ සීමාවට සිය පිත්තෙන් පහර දීම හේතුවෙන් මෙලෙස දඩුවම් නියම කර ඇති බව අයි.සී.සීය නිකුත් කළ නිවේදනයේ සදහන්.

එහිදී ඔහු ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කර ඇති බැවින් ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම නිල අනතුරු ඇගවීමක් ද ඔහුට එරෙහිව ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මාස 24 ක කාලයක් ඇතුළත ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කෙරුණු දෙවැනි දඩුවම් ලකුණ මෙයයි.

සිය වරද හා තරග තීරක Shaid Wadvalla විසින් ලබා දුන් දඩුවම වනිදු විසින් පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය පිළිබද වැඩිදුර විභාගයක් සිදු නොකරන බව අයි.සී.සීය සදහන් කළා.

ක්‍රීඩකයෙකුගේ විනය වාර්තාවේ මාස 24 ක කාලයක් තුළ දී දඩුවම් ලකුණු ප්‍රමාණය 4 ක් හෝ ඊට වැඩි වුවහොත් එම ක්‍රීඩකයා තරග තහනමකට ලක් කෙරෙනවා.

පළමු මට්ටමක වරදක් සිදු කිරීමේ දී ක්‍රීඩකයෙකුට එරෙහිව අවම වශයෙන් නිල අනතුරු ඇගවීමක් සිදු කිරීම හෝ උපරිම වශයෙන් තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් නියම කිරීමට හැකියාව පවතින අතර, දඩුවම් ලකුණු එකක් හෝ 2ක් ද පනවනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...