Watch : මධුෂංකගේ සුපිරි යෝකර් පන්දුවකට ඔඩොවඩ් ගොදුරු වූ හැටි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හය වටයේ දෙවැනි තරගයේ දී සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින් සිය පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක අද(30) සමත් වුණා.

සිම්බාබ්වේහි බුලවායෝ නුවර දී ආරම්භ වූ තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.

නෙදර්ලන්ත පිළිතුරු ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම Vikramjit Singh ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුණා.

අනතුරුව ඉනිමේ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම Max O’Dowd ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා.

ඩිල්ෂාන් මධුෂංක විසින් යොමු කළ පළමු පන්දුවෙන්ම ඔහු දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

මේ අතර, ලහිරු කුමාර පන්දු යවමින් සිටියදී යම් ආබාධයකට ලක් වූ අයුරු දැක ගත හැකි වූ අතර, ඔහු පළමු පන්දුවාරය යොමු කිරීමෙන් අනතුරුව හා දෙවැනි පන්දුවාරය ‍යොමු කිරීමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව ගියා.

ඒ හේතුවෙන් ඉනිමේ 5 වැනි පන්දුවාර ද යොමු කිරීමට සිදු වූ මහීෂ් තීක්ෂණටයි. තීක්ෂණ ද පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් අතේ වැදීමෙන් සුළු ආබාධයකට ලක්ව සිටිනවා.

මධුෂංක දවා ගත් කඩුල්ල පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...