ධනංජයගේ සටන්කාමී 93 හමුවේ ශ්‍රී ලංකාවෙන් සටන්කාමී ලකුණු පුවරුවක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හය වටයේ දෙවැනි තරගය මේ වන විට සිම්බාබ්වේහි බුලවායෝ නුවර දී පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 213 ක්.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලකුණු 34 දී ද, පස්වැනි කඩුල්ල ලකුණු 67 දී ද දැවී ගිය පසුබිමකයි.

තරඟයේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දවා ගැනීමට Logan van Beek සමත් වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී ගිය අතර, සධීර සමරවික්‍රම රැස් කළේ එක් ලකුණක් පමණයි.

චරිත අසලංක ලකුණු දෙකකට දැවී ගියා. දිමුත් කරුණාරත්න ලකුණු 33 ක් ලබා ගනිමින් මුල් පෙළ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

යළිත් අසාර්ථක වූ නායක දසුන් ශානක ලකුණු 5 කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 6කට ලකුණු 96 ක් ලෙසයි.

වනිදු හසරංග ලකුණු 20 ක් ලබා ගනිමින් පසුපෙලට යම් ශක්තියක් එක් කළා. ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සබඳතාවය ගොඩනැගුණේ ඔහුගේ දැවී යාමෙන් අනතුරුවයි. ධනංජය ද සිල්වා හා මහේෂ් තීක්ෂණ 8 වැනි කඩුල්ල සඳහා එලෙස ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 77 (78) ක්. තීක්ෂණ ලකුණු 28(47) කට දැවී යාමත් සමග එම සබදතාවය බිද වැටුණා.

ධනංජය ද සිල්වා පන්දු 111 කින් සටන්කාමී ලකුණු 93 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ගැළවුම්කරු බවට පත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Logan van Beek හා Bas de Leede කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...