හෙටින් ඇරඹෙන සුපිරි 6 වටයේ සමස්ත තරග කාලසටහන මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරග හෙට(29) සිට ආරම්භ වනවා.

සුපිරි 6 වටයේ පළමු තරගය හෙවෙත් මෙවර තරගාවලියේ 21 වැනි තරගය හෙට පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතරයි. එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා(30) පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.

සුපිරි 6 වටය හෙට ආරම්භ වන නමුත්, මූලික වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය (net run rate) ද සෑම කණ්ඩායමක් විසින්ම සුපිරි 6 වටය සදහා රැගෙන යනවා.

ඒ අනුව සුපිරි 6 වටයේ වත්මන් ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව එහි පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ B කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙක වන ඕමානයට හා ස්කොට්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහන හේතුවෙන්.

සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. ඒ, A කාණ්ඩයෙන් ඔවුන් සමග සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙක වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හා නෙදර්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහන හේතුවෙන්.

සුපිරි 6 වටයේ තරග කාලසටහන හා ප්‍රසාද ලකුණු සටහන පහතින් –

[event_blocks 47874]

[team_standings 47779]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...