මාරිලිබෝන් ක්රිකට් සමාජයේ (MCC) ලෝක ක්රිකට් කමිටුව සදහා (MCC’s world cricket committee) නව සාමාජිකයින් තිදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දීය හිටපු ක්රීඩිකාවක වන Jhulan Goswami, එංගලන්ත නායිකා Heather Knight හා එංගලන්ත හිටපු ක්රිකට් නායක Eoin Morgan එම කමිටුවට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, Alastair Cook එම් සී සී ක්රිකට් කමිටුවෙන් ඉවත්ව ඇති අතර, ඒ අනුව මෙම කමිටුව සදහා මේ වන විට සාමාජිකයින් 14 දෙනෙකු පමණක් ඇතුළත්.
කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ එංගලන්ත හිටපු ක්රිකට් ක්රීඩකයෙකු වන Mike Gatting.
ශ්රී ලංකා හිටපු ක්රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර හා විනිසුරු කුමාර් ධර්මසේන ද එම් සී සී ලෝක ක්රිකට් කමිටුව සදහා තවදුරටත් ඇතුළත්ව සිටිනවා.
The committee
- Mike Gatting (chair),
- Jamie Cox,
- Suzie Bates,
- Clare Connor,
- Kumar Dharmasena,
- Sourav Ganguly,
- Jhulan Goswami,
- Heather Knight,
- Justin Langer,
- Eoin Morgan,
- Ramiz Raja,
- Kumar Sangakkara,
- Graeme Smith,
- Ricky Skerritt

