ලකුණු 76 ක ජයකින් ස්කොට්ලන්තය අපරාජිත බව රැක ගනියි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 16 වැනි තරගයෙන් ඕමානය පරදා ලකුණු 76 ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ අනුව මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජය ගෙන ඇති ස්කොට්ලන්තය B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 6 ක් හිමි කර ගනිමින්.(ප්‍රසාද ලකුණු සටහන පහතින්)

බුලවායෝහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 320 ක් ලබා ගත්තා.

Brandon McMullen ලකුණු 136 ක් රැස් කළේ පන්දු 121 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 14 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. Richie Berrington ලකුණු 60 යි.

පන්දු යැවීමේ දී Bilal Khan ලකුණු 55 කට කඩුලු 5 ක් බිද හෙලුවා. Fayyaz Butt කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 68 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 244 ක් පමණයි.

Naseem Khushi ලකුණු 69 ක් රැස් කළ අතර, Shoaib Khan ලකුණු 36 යි. Ayaan Khan ලකුණු 30 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Chris Greaves ලකුණු 53 කට කඩුලු 5ක් බිද හෙලුවා.

[team_standings 47615]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...