සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා. ඒ, තරගාවලියේ 15 වැනි තරගයේ දී අයර්ලන්තය පරදා ලකුණු 133 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Match Report : දිමුත්ගේ ශතකය හා වනිදුගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාව සුපිරි 6 වටයට ගෙන යයි ; අයර්ලන්තය ඉවතට

ශ්‍රී ලංකාවට අමතරව ස්කොට්ලන්තය හා ඕමානය ද B කාණ්ඩයෙන් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තා. A කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබුවේ සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්.

සුපිරි 6 වටයේ තරග ජූනි 29 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එම වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 30 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ නෙදර්ලන්තයට එරෙහිවයි.

මූලික වටයේ දී ඒ ඒ කණ්ඩායම් කුමන ස්ථානයක් හිමි කර ගත්ත ද (සුපිරි හය වටයට සුදුසුකම් ලැබුවහොත්), A කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් A1 ස්ථානය කොදෙව්වන්ටත්, දෙවැනි ස්ථානය (A2) සිම්බාබ්වේ කණ්ඩායමටත් හිමි වන බව අයි.සී.සීය නිවේදනය කර තිබුණා.

ඊට අනුව B කාණ්ඩයේ පළමු කණ්ඩායම හෙවෙත් B1 ස්ථානය ශ්‍රී ලංකාවටත්, දෙවැනි ස්ථානය(B2) අයර්ලන්තයටත් හිමිව තිබුණා. කෙසේ වෙතත්, අයර්ලන්තය සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තේ නැහැ.

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා තරග කාලසටහන – 

  • Friday, 30 June
    Super 6: Netherlands (A3) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo
  • Sunday, 2 July
    Super 6: Zimbabwe (A2) v Sri Lanka (B1), Queen’s Sports Club, Bulawayo
  • Friday, 07 July
    Super Six: West Indies (A1) v Sri Lanka (B1), Harare Sports Club

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...