ඇමෙරිකා එක්සත් ජනපදයේ වේග පන්දු යවන ක්‍රීඩක ක්යල් පිලිප්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පන්දු යැවීම තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.
ඒ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව හදුනා ගැනීම හේතුවෙන්.
මේ දිනවල සිම්බාබ්වේ හී දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ඇමෙරිකානු සංචිතය සදහා ද ඔහු ඇතුළත්.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇමෙරිකාව ක්‍රීඩා කළ පළමු තරගයේ දී ක්යල් පිලිප් කඩුලු 3 ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා.
නමුත් එම තරගයෙන් පසුව විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට පැමිණිලි කළ අතර, අනතුරුව අයි.සී.සී තරගාවලි කමිටුව විසින් ඔහුගේ ඉරියව්ව නීති විරෝධී බව තහවුරු කරනු ලැබුවා.
ඒ අනුව ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි පන්දු යැවීමේ තහනමක් පනවා ඇති අතර, ඉදිරියේ දී යළි පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂාවකට මුහුණ දී ඉන් සමත් වුවහොත් පමණයි ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ අවස්ථාව උදා වෙන්නේ.

