ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 8 වැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ඕමානය අද(21) සමත් වුණා.
සිම්බාබ්වේ හි බුලවායෝ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 227 ක් ලබා ගනිමින්.
Aayan Afzal Khan නොදැවී ලකුණු 58 ක් ලබා ගත් අතර, Vriitya Aravind ලකුණු 49 යි.
පන්දු යැවීමේ දී Jay Odedra ලකුණු 31 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය ඉනිම නිමා වීමට පන්දු 24 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Aqib Ilyas ලකුණු 53 ක් ද, Shoaib Khan නොදැවී ලකුණු 52 ක් ද, Mohammad Nadeem නොදැවී ලකුණු 50 ක් ද ලබා ගත්තා.
Junaid Siddique හා Rohan Mustafa කඩුලු 2 බැගින් බිද හෙලුවා.
මෙම ජයත් සමග මේ වන විට මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග දෙකම ජය ගෙන ඇති ඕමානය B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහණේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව සිටිනවා. ශ්‍රී ලංකාව එහි රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේයි.

