ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කෙරේ

Date:

සිම්බාබ්වේ හී දී මේ දිනවල පැවැත්වෙන 2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් සංචිතයට කැදවීමේ අරමුණින් ඔවුන්ව එලෙස අතිරේක ක්‍රීඩකයින් ලෙස සිම්බාබ්වේ වෙත පිටත් කර හැරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා පිතිකරු සහන් ආරච්චිගේ සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.

එම ක්‍රීඩකයින් එළඹෙන 23 වැනිදා බුලවායෝ හී දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(19) දිනයේ දී සිය පළමු තරගයට ක්‍රීඩා කළ අතර, එම තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරදා ලකුණු 175 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම තරගය සදහා ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ක්‍රීඩා කළේ නැහැ.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 23 වැනිදා ඕමානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහන –

  • Friday, 23 June
    Sri Lanka v Oman, Queen’s Sports Club
  • Sunday, 25 June
    Sri Lanka v Ireland, Queen’s Sports Club
  • Tuesday, 27 June
    Sri Lanka v Scotland, Queen’s Sports Club

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...