ශ්‍රී ලංකාව අද තරග බිමට ; නැරඹිය හැකි සියලු ක්‍රම මෙන්න

Date:

2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ තවත් තරග දෙකක් අද(19) පැවැත්වෙනවා.

සිම්බාබ්වේහී දී පැවැත්වෙන තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි. තරගය බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පස්වරු 12.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සිව්වැනි තරගය අයර්ලන්තය හා ඕමානය අතර බුලවායෝ නුවර Bulawayo Athletic Club ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 12.30ටයි.

මෙම තරග දෙකම B කාණ්ඩයේ තරග දෙකක් ලෙස පැවැත්වෙනවා.

සිරස TV හා TV1 නාලිකා ඔස්සේ තරගාවලියේ සජීවී විකාශන කටයුතු මෙරට තුළ සිදු වන අතර, sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ද තරග සජීවීව නැරඹිය හැකියි.

Dialog TV පාරිභෝගිකයින්ට Star Sports 1 නාලිකාව ඔස්සේ ද, PEO TV පාරිභෝගිකයින්ට Event TV නාලිකාව ඔස්සේ ද තරග නැරඹීමේ අවස්ථාව පවතිනවා.

තවද Dialog ViU යෙදුම (App) හා PEOTV GO යෙදුම ඔස්සේ ද තරග නැරඹිය හැකියි.

ඔබ විදෙස් රටක සිට තරග නරඹන්නේ නම් පහත ක්‍රමවේද ඔස්සේ තරග නැරඹීමේ හැකියාව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...