කවාජාගේ ශතකය හමුවේ ඔස්ට්‍රේලියාව යළි සටනට අවතීර්ණ වෙයි

Date:

උස්මාන් කවාජා වාර්තා කළ සිය 15 වැනි ටෙස්ට් ශතකය හා ඇලෙක්ස් කෙරී සමග ඔහු 6 වැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට ගොඩ නගා ඇති ලකුණු 91 ක නොබිදුණු සම්බන්ධතාවය හමුවේ එංගලන්තය සමග පැවැත්වෙන පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (17) නිමා වුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම යළි සටනට අවතීර්ණ කරමින්.

බර්මිංහැම්හී දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටි අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 311 ක්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 393 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 82 ක්.

කවාජා නොදැවී ලකුණු 126 (279) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඒ, හතරේ පහර 14 ක් හා හයේ 2 ක් ද සමගින්. ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 52 යි.

ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දැවී ගිය අතර, ස්ටුවට් බ්‍රෝඩ් යොමු කළ ඊළග පන්දුවෙන්ම මර්නස් ලබුෂේන් ලකුණු නොලබා දැවී ගියා. ස්ටීවන් ස්මිත් රැස් කළේ ලකුණු 16 ක් පමණයි. ට්‍රැවිස් හෙඩ් ලකුණු 50 ක් හා කැමරන් ග්‍රීන් ලකුණු 38 ක් (දැවී ගිය අයුරු පහතින් නරඹන්න) ලබා ගනිමින් ඔස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ස්ටුුවට් බ්‍රෝඩ් හා මොයීන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිම වෙනුවෙන් ජෝ රූට් නොදැවී ලකුණු 118(152) ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින්. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 78 ක් හා සැක් ක්‍රව්ලි ලකුණු 61 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 149 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...