බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 546 ක වාර්තාගත ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද (17) සමත් වුණා. මෙය බංග්ලාදේශය ටෙස්ට් ඉතිහාසයේ දී ලකුණු පරතරය අතින් ලැබූ ඉහළම ජයග්‍රහනයයි. එමෙන්ම එය ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ තෙවැනි ඉහළම ජයග්‍රහනය ද වනවා.

මීර්පූර්හි පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 662 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 2 ක් දැවී ලකුණු 45 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

රහ්මට් ශාහ් ලකුණු 30 ක් ද, කරීම් ජනට් ලකුණු 18 ක් ද, හශ්මටුල්ලාහ් ශහීඩි ( ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා) ලකුණු 13 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් කඩුලු 4 ක් දවා ගත් අතර, ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 382 ක් ලබා ගත්තා. නජ්මුල් හොසේන් ලකුණු 146 යි. පන්දු යැවීමේ දී නිජට් මසූඩ් ලකුණු 79 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි. අෆ්සාර් සසායි ලකුණු 36 ක් රැස් කළ අතර, නසීර් ජමාල් ලකුණු 35 කට දැවී ගියා. පන්දු යැවීමේ දී එබඩොට් හොසේන් ලකුණු 47 කට කඩුලු 4 ක් බිද හෙලීමට සමත් වුණා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 425 ක් ලබා සිටියදීයි. නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 124 ක් රැස් කළ අතර, මොමිනුල් හක් නොදැවී ලකුණු 121 ක් ලබා ගත්තා. සාකීර් හසාන් ලකුණු 71 ක් ද, ලිටොන් දාස් නොදැවී ලකුණු 66 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී සහීර් ඛාන් කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...