සුපර් ලීගයේ පෙරමුණ තවදුරටත් එංගලන්තයට – ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා.

ඔවුන් තරග 6කට සහභාගී වී ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 3ක්.

තරග 3ක් පරාජයට පත් වූ එංගලන්තයට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 30ක්.

දෙවැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාව තරග 3කට ක්‍රීඩා කර ඉන් තරග 2ක් ජය ගැනීමට සමත්ව සිටිනවා.

ඔවුන්ට ප්‍රසාද ලකුණු 20ක් හිමිව ඇති අතර, තෙවැනි ස්ථානයේ පසුවන අයර්ලන්තයට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10ක්.

එම රටවල් තුන හැර වෙනත් කිසිදු කණ්ඩායමක් මෙතෙක් අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගය යටතේ තරග වැදී නැහැ.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගනු ලබන්නේ මෙම ලීග් ක්‍රමවේදය තුළින්.

එහි පළමු ස්ථාන 7 හිමි කර ගන්නා කණ්ඩායම් 2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව සමග ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගනු ඇති.

පළමු වරට හදුන්වා දුන් මෙම පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය සදහා කණ්ඩායම් 13ක් එක්වනවා.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...