රූට්ගේ නොදැවුණු ශතකය හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට

Date:

ජෝ රූට් වාර්තා කළ සිය 30 වැනි ටෙස්ට් ශතකය හමුවේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (16) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.

බර්මිංහැම්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 393 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කිරීම විශේෂත්වයක්.

ජෝ රූට් නොදැවී ලකුණු 118(152) යි. හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 78 ක් හා සැක් ක්‍රව්ලි ලකුණු 61 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා. හැරී බෘෘක් ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 149 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජොස් හේසල්වුඩ් කඩුලු 2 ක් බිද හෙලුවා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 14 ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 379 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...