Watch : කලාතුරකින් දැකිය හැකි අවාසනාවන්ත දැවී යාමකට හැරී බෘෘක් හසු වූ හැටි

Date:

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර අද(16) බර්මිංහැම් හී දී ආරම්භ වූ පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අවාසනාවන්ත දැවී යාමකට හසු වීමට එංගලන්ත පිතිකරු හැරී බෘෘක්ට සිදු වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

එංගලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස බෘෘක් දැවී ගියේ පන්දු 37 කින් ලකුණු 32 ක් ලබා සිටියදී යි.

නේදන් ලයන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් හැරී බෘෘක් දැවී ගියා.

ලයන් යොමු කළ පන්දුව පළමුව බෘෘක්ගේ පාදයේ වැදුණු අතර, අනතුරුව පන්දුව ඉහළට ඇදී ගියා. ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් එය උඩ පන්දුවක් යැයි සිතා රැක ගැනීම සදහා ද උත්සාහයක නිරත වනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, කිසිවෙකුටත් එය රැක ගැනීමට හැකි වූයේ නැහැ. නමුත්, පන්දුව පිතිකරුවා ආසන්නයේම බිම පතිත වූ අතර, අනතුරුව එය කෙළින්ම කඩුල්ල වෙත ඇදී ගියේ හැරී බෘෘක්ට අවාසනාවන්ත අයුරින් සිය ඉනිම අවසන් කිරීමට මග පාදමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...