කොන්වේ, රයිදු, මිලර් ඇතුළු ප්‍රබලයින් රැසක් ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායමට

Date:

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් (MLC) පන්දුවාර 20යි 20 තරගාවලියට එක්වන ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ඩෙවෝන් කොන්වේ, මිචෙල් සැන්ට්නර්, අම්බටි රයිදු හා ඩේවිඩ් මිලර් ගිවිසුම්ගත වී තිබෙනවා.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස චෙන්නායි සුපර් කිංග්ස් හා ජෝබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කරන ස්ටීවන් ෆ්ලෙමින්ග් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කොන්වේ, සැන්ට්නර් හා රයිදු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගත් චෙන්නායි  සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කළා.

මෙවර අයි.පී.එල් තරගාවලියෙන් පසුව අම්බටි රයිදු අයි.පී.එල් පිටියට සමු දුන් අතර, ඔහු ක්‍රීඩා කරන පළමු විදෙස් ලීග් තරගාවලිය බවට MLC තරගාවලිය පත් වනු ඇති.

චෙන්නායි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන ඩ්වේයන් බ්‍රාවෝ යළි ක්‍රීඩකයෙකු ලෙස ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ ඩැනියල් සෑම්ස් හා දකුණු අප්‍රිකාවේ Gerald Coetzee සමග ද ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.

MLC තරගාවලිය ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...