අවසන් පන්දුවාරයෙන් ඔස්ට්‍රේලියාවට නොසිතූ ජයක් – Match Report

Date:

එංගලන්තය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 3ක තියුණු සහ විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

මැන්චෙස්ටර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 302ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු පන්දු දෙකෙන්ම කඩුලු දෙකක් දවා ගැනීමට මිචෙල් ස්ටක් සමත් වීම මෙහිදී කැපී පෙණුනා.

ඔහුගේ පන්දු හමුවේ එලෙස දැවී ගියේ ජේසන් රෝයි සහ ජෝ රූට්.

කෙසේ වෙතත්, ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටව් වාර්තා කළ අගනා ශතකය හේතුවෙන් එංගලන්තයට යළි තරගයට අවතීර්ණ වීමට අවස්ථාව හිමි වුණා.

ඔහු ලකුණු 112ක් ලබා ගත් අතර, සෑම් බිලින්ග්ස් ලකුණු 57ක් සහ ක්‍රිස් වෝක්ස් ලකුණු 53ක් රැස් කරමින් බිද වැටුණු එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 74ක් ලබා දෙමින්.

ඇඩම් සම්පා ද කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 73ක්ව තිබියදී බිද වැටුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු එංගලන්තය දෙසට යොමු කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව 6 වන කඩුල්ල සදහා ලකුණු 212ක විශිෂ්ඨ සබදතාවයක් ගොඩ නැගීමට ඇලෙක්ස් කෙරී සහ ග්ලේන් මැක්ස්වෙල් සමත් වීම විශේෂත්වයක්.

මැක්ස්වෙල් පන්දු 90කින් ලකුණු 108 ක් ලබා ගත්තේ හයේ පහර 7ක් ද සමගින්.

ඇලෙක්ස් කෙරී ලකුණු 106යි.

අවසන් පන්දුවාරයට තරගය ජය ගැනීම සදහා ලකුණු 10ක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වූ අතර, පන්දු 4කින් එය සපුරා ගැනීමට (6,1,1,4) මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් සමත් වුණා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් සහ ජෝ රූට් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානයෙන් ගැලේන් මැක්ස්වෙල් පිදුම් ලැබුවා.

තරගයේ විශේෂ අවස්ථා –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...