LPL වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා

Date:

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(14) රාත්‍රී කාලයේ දී කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී නිමා වුණා.

පස්වරු 3.00 ට ආරම්භ වූ වෙන්දේසියේ දී ඉහළ මිල ගණන් යටතේ ක්‍රීඩකයින් රැසක් අලෙවි වූ අතර, වැඩිම මිලකට අලෙවි වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක. මදුෂංක වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ $20,000 ක මූලික වටිනාකමක් යටතේයි.

ඔහුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට එනම් රුපියල් කෝටි 2.9 ක මුදලකටයි මිලදී ගත්තේ.

වෙන්දේසියේ දී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ චරිත් අසලංක. ඔහුව මිලදී ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. ඇමෙරිකානු ඩොලර් 80,000 කට හෙවත් රුපියල් කෝටි 2.5 ක මිලකට යාපනය කණ්ඩායම ඔහුව මිලදී ගනු ලැබුවා.

ධනංජය ද සිල්වා ඩොලර් 76,000 කට හෙවත් රුපියල් කෝටි 2.4 ක මිලකට මිලදී ගත්තේ දඹුල්ල ඕරා කණ්ඩායම විසින්. එය ක්‍රීඩකයෙකු මෙම වෙන්දේසියේ දී අලෙවි වූ සම තෙවැනි විශාලතම වටිනාකමයි.

වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා –

  1. ඩිල්ෂාන් මදුෂංක (ජැෆ්නා කිංග්ස්) – ඇමෙරිකානු ඩොලර් 92,000
  2. චරිත් අසලංක (ජැෆ්නා කිංග්ස්) – ඇමෙරිකානු ඩොලර් 80,000
  3. ධනංජය ද සිල්වා (දඹුල්ල ඕරා) – ඇමෙරිකානු ඩොලර් 76,000
  4. බිනුර ප්‍රනාන්දු (දඹුල්ල ඕරා) – ඇමෙරිකානු ඩොලර් 76,000
  5. දිනේෂ් චන්දිමාල් (බී-ලව් කැන්ඩි) – ඇමෙරිකානු ඩොලර් 72,000
  6. දුෂ්මන්ත චමීර (බී-ලව් කැන්ඩි) – ඇමෙරිකානු ඩොලර් 70,000
  7. සධීර සමරවික්‍රම (දඹුල්ල ඕරා) – ඇමෙරිකානු ඩොලර් 68,000
  8. කමිදු මෙන්ඩිස් (බී-ලව් කැන්ඩි) – ඇමෙරිකානු ඩොලර් 60,000
  9. චැඩ් බොවුස් (ගෝල් ටයිටන්ස්) – ඇමෙරිකානු ඩොලර් 58,000
  10. දුනිත් වෙල්ලාලගේ (ජැෆ්නා කිංග්ස්) – ඇමෙරිකානු ඩොලර් 56,000

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...