LPL වෙන්දේසියේ දී අලෙවි වූ විදෙස් ක්‍රීඩකයින් හා වටිනාකම් මෙන්න

Date:

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(14) කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී පැවැත්වුණා.

වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ක්‍රීඩක වෙන්දේසියේ දී සියලු කණ්ඩායම් සිය සංචිත සකස් කර ගැනීමට සමත් වුණා.

වැඩිම ක්‍රීඩකයින් පිරිසක් එනම් ක්‍රීඩකයින් 24 දෙනෙකු බැගින් සිය සංචිතයට ඇතුළත් කර ගැනීමට කොළඹ, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් කටයුතු කළා.

මහනුවර කණ්ඩායම ක්‍රීඩකයින් 22 දෙනෙකු ද, යාපනය කණ්ඩායම ක්‍රීඩකයින් 21 දෙනෙකු ද සිය සංචිතය සදහා මේ වන විට තෝරා ගෙන තිබෙනවා.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ඒ ඒ කණ්ඩායම් මිලදී ගෙන ඇති විදෙස් ක්‍රීඩකයින් පිළිබදවයි.

කලම්බු ස්ට්‍රයිකර්ස්

  • වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – බාබර් අසාම්, නසීම් ශාහ්
  • වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් – වහබ් රියාස් ($40,000), ඉෆ්ටිකාර් අහ්මඩ් ($50,000), ලෝකන් ටකර් ($10,000), මොහමඩ් නවාස් $30,000

බී-ලව් කැන්ඩි

  • වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – මුජීබ් උර් රහ්මාන්, ෆකාර් සමාන්
  • වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් -මොහමඩ් හස්නයින් ($34,000), මොහමඩ් හැරිස් ($20,000), අසිෆ් අලී ($30,000), ආමර් ජමාල් ($10,000)

ගෝල් ටයිටන්ස්

  • වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – ශකිබ් අල් හසාන්, ටබ්රයිස් ශම්සි
  • වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් – බෙන් කටින් ($30,000), මොහමඩ් මිතුන්($20,000), චැඩ් බොවුස් ($58,000), ටිම් සෙයිෆර්ට් ($30,000)

ජැෆ්නා කිංග්ස්

  • වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – ඩේවිඩ් මිලර්, රහ්මනුල්ලාහ් ගුර්බාස්
  • වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් – ෂොයිබ් මලික් ($50,000), හර්ඩස් විල්ජොයින් ($30,000), සමාන් ඛාන් ($20,000), ක්‍රිස් ලින් ($50,000)

දඹුල්ල ඕරා

  • වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් – මැතිව් වේඩ්, ලුන්ගි එන්ගිඩී
  • වෙන්දේසියේ දී මිලදී ගත් ක්‍රීඩකයින් – හෙයිඩ්න් කෙර් ($20,000), නූර් අහ්මඩ් ($50,000), ශහ්නවාස් දහානි ($20,000), ඇලෙක්ස් රෝස් ($20,000)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...