“මට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන්න ඕනෙ – ශ්‍රීසාන්ත්

Date:

තමා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ තරග සදහා ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසු වන බව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක එස්. ශ්‍රීසාන්ත් පවසනවා.

තම අරමුණ ඉන්දියාව වෙනුවෙන් 2023 වසරේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම බවයි 37 හැවිරිදි ශ්‍රී සාන්ත් සදහන් කර ඇත්තේ.

ඔහු 2011 ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

කෙසේ වෙතත්, අයි.පී.එල් තරගාවලියේ දී තරග පාවා දුන් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහුට 2013 වසරේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනු ලැබුවා.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව එය පසුගිය වසරේ දී වසර 7කට අඩු කිරීමටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

ඒ අනුව ඔහුට පැනවූ තරග තහනම පසුගිය 12 වනදායි අවසන් වී තිබෙනවා.

“මම සාකච්ඡා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ, ඔස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ නියෝජිතයින් සමග. මට ඒ රටවල ක්‍රීඩා සමාජ මට්ටමේ තරග සදහා ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. මගේ ඉලක්කය 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී මගේ රට නියෝජනය කිරීමයි.”

යනුවෙන් එස්. ශ්‍රීසාන්ත් සදහන් කළා.

ශ්‍රීසාන්ත් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 27 එක්දින තරග 53 සහ 20යි 20 තරග 10 ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙනිල් බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 87, 75 සහ 7ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...