Watch : රහානේ දවා ගැනීමට ග්‍රීන් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය වන අද(9) දිනයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට කැමරන් ග්‍රීන් සමත් වුණා.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ඉන්දීය පළමු ඉනිමේ දී අජින්කෙයා රහානේගේ කඩුල්ල දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුුලු 5 ක් දැවී ලකුණු 151 ක් ලබා සිටි අතර, අද දිනයේ දෙවැනි පන්දුවෙන්ම කේ එස් භාරත්ගේ කඩුල්ල දවා ගැනීමට ස්කොට් බෝලන්ඩ් සමත් වුණා.

කෙසේ වෙතත්, අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ලකුණු 109 (145) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට අජින්කෙයා රහානේ හා ශර්දුල් තාකූර් සමත් වුණේ ඉන්දියාවට යළි යම් බලාපොරොත්තුවක් එක්කරමින්.

නමුත්, ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී යාම නිසා කඩුලු දවා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔස්ට්‍රේලියාවට අහිමි වුණා.

අජින්කෙයා රහානේ දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 89 ක්. පැට් කමින්ස් යොමු කළ පන්දුවක් හමුවේ ග්‍රීන් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි රහානේ දැවී ගියේ.

ඔහු ලකුණු 17 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගිය ද එම පන්දුව නිපන්දුවක් වූ නිසා තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට රහානේ වාසනාවන්ත වුණා.

රහානේ දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...